හතරවන පාසල් ආරම්භක දිනය

හිතවත් මහත්ම මහත්මියනි

අප පාසලෙහි 4 වන වාරයේ අධ්‍යාපන කටයුතු පෙර පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ 2020 ඔක්තෝම්බර් මස 11 වන දින ඉරුදින ආරම්භ කරන ලබන බව ඔබ සැම දෙනා වෙත දන්වා සිටිමි’

එදින සිට පසුගිය වාරයන්හි දී අප හට සිදු කිරීමට නොහැකි වූ ආගමික වැඩ සටහන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ zoom පෙරවරු 9.30 සිට විනාඩි 30 ක කාලයක් තුළ පැවැත්වීමට සූදානම් කර ඇත.
එය බාලාංශයේ සිට හතරවන වසර දක්වා පහ වසර සිට නවවන වසර දක්වාත් කාණ්ඩ දෙකකට වෙන් කර සතියක් ඇර සතියක් පැවැත්වීමට කමිටුව මගින් තීරණය කර ඇති අතර ඒ සඳහා උපදෙස් පන්තිභාර ගුරු මහත්ම මහත්මීන් මගින් ඔබ වෙත ලබා දෙනු ඇත.
ඉදිරියටත් අප පාසලේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ඔබගේ සහයෝගය ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි ස්තුතියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top