සෑම ඉරු දිනකම උදෑසන පවත්වනු ලබන දහම් වැඩසටහන දෙවන සතියටත්...
ආයුබෝවන් (May you live long!)
Welcome to Brunswick Sinhala School
Brunswick Sinhala school is one of the leading community language school in Melbourne, Victoria, Australia .Brunswick Sri Lankan Community Group Inc was established in 1992. with the intention of promoting, fostering and propagating the Sinhalese Cultural heritage in Melbourne Victoria and Australia within the frame-work of multiculturalism. Our aim is to contribute to the efforts of the Australian multicultural directive with the bond of Sri Lanka cultural heritage , Knowledge is remaining for the future . ( උගත මනා ශිල්පයමයි මතු රැකෙනා )

Upcoming Events
Latest News
හතරවන පාසල් ආරම්භක දිනය
හිතවත් මහත්ම මහත්මියනි අප පාසලෙහි 4 වන වාරයේ අධ්‍යාපන කටයුතු...
තාක්ෂණය සමගින් හපන් ඇප් එක
අප පාසලේ බාලාංශය සහ 1 වසර පන්ති වල දූදරුවන් නව...
Latest News
1 month ago
1 month ago
testimonials
සිංහල භාෂා පාසලක් ආරම්භ කිරීමේ අදහසක් මට ඇතිවූයේ මා හිතෛෂී රොඩ්රිගෝ මහතාගේ ගෙදරට පැමිණ සිටි සන්ධ්‍යා සිරිවර්ධන මහත්මිය ඇයගේ ළමුන් දෙදෙනාට සිංහල ඉගැන්වීම පිණිස මගෙන් කරන ලද ඉල්ලීම පෙරදැරි කොටගෙනය' පාසල ආරම්භයේදී සන්ධ්‍යා සිරිවර්ධන මහත්මිය ඉගැන්වීමට කැමැත්ත ප්‍රකාශ කළ නිසාවෙන් මා විසින් ඉතාමත් අපහසුතා සහ බාධක මැද වුවත් n%kAiAúlays War Roark Community Centre hk ස්ථානයේදී ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ ද අනුශාසනායකත්වයෙන් සහභාගිත්වයෙන් ළමුන් 20 දෙනෙකුගෙන් පමණ යුතු පාසලක් ආරම්භ කරනු ලැබුවේ ය' ගරුතර ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා සිරිවර්ධන සහ කුමාරී පත්මපෙරුම මහත්මීන්ගෙන් ගුරුහරුකම් නොකඩවා අප හට ලැබුණු බව ද ස්තුති පූර්වකව ආවර්ජනා කරමි'
පටන් ගත් දින සිට අද දක්වා ගුරුමණ්ඩලයේත්" දෙමාපිය" සාමාජික මහත්ම මහත්මීන්ගේ නොමසුරු සහයෝගයත්" කැපකිරීමත් මත එදා රෝපණය කළ කුඩා බීජය අද වන විට මහා රුක්ෂයක් බවට පත්ව ඇති බව දැකීම ඉතාම සතුටට කරුණක් බව කෘතගුණ පූර්වකව සිහිපත් කරමි' ඉදිරියටත් මෙම පාසල සාර්ථකව පවත්වාගෙන යාමෙහිලා ඔබ සැම ඉතා සතුටින් හා වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි මාගේ විශ්වාසයයි'
පූජ්‍ය පක්ෂයට" දෙමාපිය" වැඩිහිටියන්ට ගරු කිරීමේ පටන් අපගේ සංස්කෘතියත් අපේ කමත් කියා දී යහපත් ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු පරපුරක් බිහිකිරීමෙහිලා සහයෝගයෙන් එකමුතුව අත්වැල් බැඳගෙන සිටිනු දැකීම මට ඉමහත් සතුටකි'
මගේ මතකයේ හැටියට එවකට අපි කුඩා දරුවන් දොළොස් දෙනකු පමණ එක්ව අපගේ හිතවතෙකු වූ දැනට කැන්බරා නුවර පදිංචි සිරිවර්ධන මාමාගේ නිවසේ ඉරිදා සිංහල භාෂා පාසල ආරම්භ කළෙමු' අපගේ සහෝදර සිසු සිසුවියන්ගේ ප්‍රමාණය ඉහළ යෑම නිසාත් ඉඩකඩ ප්‍රමාණ නොවූ නිසාත් අපට මෙම පාසල බ්‍රන්ස්වික් ප්‍රජා ශාලාවට ගෙන ඒමට හැකි වූවා' අප පාසලේ ආරම්භය කෙටියෙන් මෙසේ ලියා තැබීමට සිත් විය' එසේම අප පාසලේ ආරම්භයේ ඒ වෙනුවෙන් වෙහෙස වී කාලය කැප කළ දෙමාපියන් නම් වශයෙන් ලියා තැබීමට නොහැකි වුවත් ඔවුන් වෙනුවෙන් Tjqkg මාගේ ආදර අවංක ස්තුතිය පුදකරමි' පාසල පවත්වාගෙන යෑමට අපගේ දෙමාපියන් ගත් උත්සාහය වාගේම සහභාගිත්වය" කැපවීම ඉතා විශාලයි' අපට ශිල්ප කියා දුන් ගුරුවර ගුරුවරියන්ගේ තම ස්වෙච්ඡාවෙන් ඔවුනගේ වගකීම අප වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කරනු ලැබුවා' ඒ සියලුම දෙනාටත් මාගේ අවංක ආදරය ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි'
අප පාසලේ දී ඉගෙනුම ලැබුවේ අපගේ මව් භාෂාව වූ සිංහල බස මෙන්ම සෑම ඉරිදා දිනකම පාසල ආරම්භයේ දී ස්වාමීන් වහන්සේ නමකගේ ප්රමුඛත්වයෙන් පන්සිල් සමාදන් වීමු' ඉන් පසුව උන්වහන්සේගේ ධර්ම දේශනයට ද සවන්දීමට ද අපට හැකි විය' ඒ තුළින් අප බුදු දහම මෙන්ම අපගේ ජීවිතය හොඳින් හැඩගස්වා ගැනීමට ද ඉගෙන ගතිමු' තවද වසරක් පාසා පවත්වනු ලබන විවිධ ප්‍රසංග සඳහා නාට්‍ය" නැටුම් වැනි විධ බාහිර ක්‍රියාකාරකම් ගැනත් උගත්තෙමු' විශේෂයෙන් අපගේ මව් රටේ සිට පැමිණ හුදකලා වූ පරිසරයක අපගේ සමාජයේ අපගේ හුරුපුරුදු සිරිත් විරිත් වලින් සමන්විත වූ යහලු යෙහෙලියන් සමග සතියකට දිනක් හෝ එකතු වී කාලය ගෙවීම සිතට විශාල සතුටක් සැනසීමක් වූවා' එමෙන්ම අප පාසලෙන් ලත් දැනුම භාෂාමය වශයෙන් මාගේ මව්රටට නිවාඩු කාලය සඳහා යෑමේදී ඉතා පිටුවහලක් වූවා සේම අප ඉගෙන ගත් සිරිත් විරිත් නිසා මව්බිමේ හැසිරීම පහසු කටයුත්තක් වූවා වගේම අපගේ වැඩිහිටි නෑදෑ හිතමිතුරු මිතුරියන්ගේ පැසසුමට ද ලක් වූවා'
ඇත්ත වශයෙන් මගේ සිංහල භාෂා පාසල ගැන කොපමණ ලීවත් සෑහීමට පත්වීමට නොහැකි වුවත් මෙය මා ඉතා කෙටියෙන් ලියා දැක්වූ අදහසක් පමණයි' ඒ වගේම අප පාසලෙන් ලත් ආභාෂය මගේ දිවියේ ලද සාර්ථකත්වයට ඉතා පිටුවහලක් වූ බව ස්තුති පූර්වකව ලියා තබමි' තව ද අද දිනයේ මගේ සිංහල භාෂා පාසල එදාටත් වඩා විශාල සිසු සිසුවියන් ප්‍රමාණයක් සමග වඩා උසස් දියුණු තත්ත්වයකට පත්වී ඇති අතර ඉදිරියටත් ඉතා සාර්ථක ආයතනයක් වෙවාæ යි මගේ මගේ උණුසුම් සුභ පැතුම්'
මගේ අම්මයි තාත්තයි ඔස්ට්‍රේලියාවට එනකොට මට වයස මාස පහයි' අපි මේ රටේ ජීවත් වුනාට එයාලා ගොඩක් උත්සාහ කළා මට අපේ භාෂාව උගන්වන්න' අපේ ගෙදර කතා කළේ සිංහලෙන්' ඒ නිසා මම පොඩි කාලේ ඉඳලම සිංහල භාෂාවට ගොඩක් ආදරය කළා'
බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලට ඇතුල් වෙනකොට මට වයස අවුරුදු පහයි' මට අවුරුදු දාසය වනතෙක් මම සිංහල භාෂා පාසලට ගියා' මම සිංහල ලියන්න" කියන්න" කතා කරන්න ඉගෙන ගත්තේ මෙම පාසලෙන්' ඒ වාගේම ලංකාවේ ඉතිහාසය" සංස්කෘතිය හා සිරිත් විරිත් සමග කතෝලික හා බුද්ධ ධර්මයත් ඉගෙන ගත්තා'
දෙවැනි භාෂාවක් ලෙස සිංහල ඉගෙන ගත් නිසා නිවාඩුවට ලංකාවට ගිය විට එහි අගය මට තේරුම් ගියා' ඒ වාගේම මා වෙත එන ශ්‍රී ලාංකික ඇස් රෝගීන්ට සිංහලෙන් කතා කරමින් මාගේ සේවය ලබාදීමට මට පහසු වුණා' බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලට ගිය නිසා මට මාගේ මව්බස හොඳින් හසුරවන්න පුළුවන් වුණා'
අපි ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණාට අපගේ මවුබස සිංහල කියලා අමතක නොකර ආරක්ෂා කරන එක තමයි අපගේ යුතුකම වන්නේ' මේ නිසා මම ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික දෙමාපියන් ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවන්ට සිංහල භාෂාව උගන්වන්න උත්සාහ කරන්න කියලා'
මම මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍යයි අප සිංහල භාෂා පාසලට මග පෙන්වූ පූජ්‍ය පක්ෂය හා මට ඉගැන්වූ සියලුම ගුරුවරුන්" බ්‍රන්ස්වික් ශ්‍රී ලාංකා ප්‍රජා සංගමයේ සිටි සියලුම මාමලා නැන්දලා සහ මගේ පන්ති වල සිටි මගේ යහළුවෝ' මේ හැම කෙනෙක් නිසා මම සිංහල භාෂා පාසලට සෑම ඉරු දිනකම අවුරුදු එකොළහක් තිස්සේම ගියේ හරිම කැමැත්තෙනුයි'
වසර 25ක් සමරන මේ මොහොතේ දී මම බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලට මාගේ උණුසුම් සුභ පැතුම් සමග සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි'
Optometrist Bsc. OD (Melb)
1997 වර්ෂයේ දිනක අප්පච්චි මාවත් නංගිවත් බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලට ඇතුළත් කළේය' එම දිනවල එය පැවැත්වූයේ War Park Community Centre හිදීය' එකල එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ සහ හොරොව්පතානේ පොඩි හාමුදුරුවෝ යන හිමිවරුන් ය' එහිදී බුදු දහමේ මුල් අත්පොත් ලබාගත් අතර සිංහල භාෂාව ලිවීමට සහ කියවීමට ඉගෙන ගත්තෙමු' දහම් පාසලේ විවිධ ප්‍රසංග වලට අප නොමසුරුව දායක වුණේ මහත් ඇල්මෙනි'
අප ලබාගත් සිංහල දැනුම ශ්‍රී ලංකාවට ගිය විට අපගේ සහෝදර සහෝදරියන් සහ නෑදෑ හිත මිතුරන් සමග කතා කිරීමට ප්‍රයෝජනවත් විය' සිංහල ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි අපිද දෙමාපියන් සමග නැරඹුවෙමු' පන්සිල් සමාදන් වීම කරණීය මෙත්ත සූත්‍රය වැනි පිරිත් සජ්ජායනා කිරීමට අප හට හැකිවීම පිළිබඳව සිතට දැනෙන්නේ මහත් සතුටකි'
අපගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විවිධ අයුරින් සහය දැක්වූ සියලුම ගුරුවරුන්ද" සිංහල භාෂා පාසල වෙනුවෙන් කාලය සහ ශ්‍රමය වැය කළ සියලුම දෙනාටම ද අපගේ ස්තුතිය මෙයින් පුද කරමු'
බටහිර සමාජය තුළ ජීවත්වන අපෙන් සිංහල හා බෞද්ධ සාරධර්ම" සිරිත් විරිත් ගිලිහී නොයෑමට දහම් පාසල් අධ්‍යාපනය මහත් රුකුලක් වූ බව නොඅනුමානයි'
ආදි ශිෂ්‍යා
මගේ නම නෙතූෂි ගමගේ' මම බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලේ බාලාංශ පන්තියේ සිට අවසාන පන්තිය දක්වා ඉගෙන ගතිමි' සිංහල භාෂාවෙන්" කතා කිරීමට ලිවීමට පුළුවන් වීම ගැන මා හට ඇත්තේ විශාල සතුටකි' ඒ වාගේම බුදුන් වදින ගාථා බෞද්ධාගමික උත්සවයන් හා බුද්ධ චරිතය ගැන මා හට බොහෝ දැනුමක් තිබෙනවා'
සිංහල අවුරුදු දිනයේ දී සිදු කරන චාරිත්‍ර සිරිත් විරිත් අප පාසලෙන් මා ඉගෙන ගත් හැටි මට හොඳට මතකයි'
මේ සියලු දේ ගැන බෙරික් පන්සලේ ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරු මහත්ම මහත්මීන්ටත්" සියලු ආකාරයෙන් උදව් කළ නැන්දලා මාමලා ටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි'
බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලේ ඉගෙනගන්නා සියලුම නංගිලා මල්ලිලා මෙම පාසලෙන් ලබාදෙන දැනුම උපරිම ලෙස ලබා ගන්නා මෙන් ඉල්ලමින් අප පාසල දිනෙන් දින දියුණු වේවායිæ පතමි'
මම ඉපදුනේ ඕස්ට්‍රේලියාවේ ය' වසර 2000 දී බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලේ බාලාංශ පන්තියට ඇතුළත් වී එතැන් සිට නව වන වසර දක්වා සිංහල භාෂාව හොඳින් ඉගෙන ගතිමි' මට වයස අවුරුදු 4ක් වැනි කුඩා කාලයේ දී දෙමාපියන්ගේ උපකාරයෙන් සිංහල කතා කිරීමට හැකි වුණත් අකුරු ලියන්න පොත්පත් කියවන්න හැකියාව ලැබුණේ මෙම පාසලේ ගුරු මණ්ඩලය දුන් උපදෙස් නිසයි' මම පාසලේ අධ්‍යාපනය අවසන් කරන විට හොඳින් සිංහල කතා කරන්න පොත්පත් කියවන්න හා රචනා ලියන්න පුළුවන් වුණා' මට ඒ හැකියාව ලැබුණේ බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලට පැමිණීම නිසයි'
ශ්‍රී ලංකාවට ගිය විට එහි සිටින අය සමග සිංහල භාෂාව හොඳින් තේරුම්ගෙන වැඩ කිරීමට පුළුවන් වුණා' ඒක මට ලොකු ආඩම්බරයක්'
අවුරුද්ද පුරා තිබෙන නිදහස් උත්සවය" අලුත් අවුරුදු උත්සවය" වෙසක් පිරිත් පිංකම" පොසොන් සීල සමාදානය" විවිධ ප්‍රසංගය" නත්තල් උත්සවය ආදී මේ සෑම උත්සවයකටම හැකි පමණින් සහභාගි වීමත් මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා' විශේෂයෙන් පන්සලට ගියවිට බණ අහලා තේරුම් ගන්නත් බණපොත් කියවන්නටත් මට හැකියාව ලැබුණා'
දැන් මම ^භෞතික චිකිත්සකවරයෙක් ලෙස& රැකියාවක් කිරීමට සූදානම් වන නිසාවෙන් අපගේ සිංහල සමාජයට හොදින් උපකාර කිරීමටත් හැකිවීම මාගේ සතුටට හේතුවක්' තවද ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ මග පෙන්වීම තුළින් බෞද්ධ පරිසරය කුත් මෙම පාසලේ ඇති කර තිබුණා'
ඉතින් මෙම පාසල ආරම්භ කිරීමට මූලික වූ නැන්දලා මාමලා සහ ඉගැන්වූ ගුරු මණ්ඩලයටත් මෙතෙක් පාසල පවත්වාගෙන යෑමට උපකාර කළ නැන්දලා මාමලා ටත් මම මාගේ ස්තුතිය පුදකරන අතර ඉදිරියටත් අපේ සහෝදර නංගිලා මල්ලිලාටත් සිංහල භාෂාව ඉගැන්වීමට හා උපකාර කිරීමට සියලුම ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි'
ඕස්ට්‍රේලියාවේ ඉපදී ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලබන මා හට හෙළ ගති පැවතුම්" සිරිත් විරිත්" සාරධර්මයන්ගෙන් පෝෂිත වූ සිංහල භාෂාව ඉගෙනීමට අවස්ථාව උදාකර දුන් බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලට වසර 25ක් සපිරෙන මේ මොහොතේ පාසල වෙනුවෙන් මෙසේ සටහනක් තැබීමට ලැබීම ට ලැබුණු භාග්‍යයක් කොට සලකමි'
බහු සංස්කෘතික රටක් වන ඕස්ට්‍රේලියාවේ හැදීවැඩුණු මා ඇතුළු මගේ යහළු යෙහෙළියන් බොහෝ දෙනෙක් හට අප පාසලෙන් සිදු වූ සේවාව අගයන්නේ හද පිරි සතුටිනි' ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අප හට දෙවන භාෂාව වශයෙන් සිංහල භාෂාව දැනුමට සමගාමීව ආගමික සබැඳියාවෙන් ඔප් නැංවුණු සංස්කෘතික දැනුම ද කායික හා මානසික මෙන්ම අධ්‍යාත්මික ගුණයන්ගෙන් පරිපූර්ණ වූ යහපත් පුරවැසියෙකු වශයෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය ද අප හට සකසා දුන් බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසල් මාතාවට මාගේ ප්‍රණාමය හිස නමා ගෞරව ආදරයෙන් යුතුව පුද කිරීමට කැමැත්තෙමි'
අවසාන වශයෙන් මෙවැනි සාර්ථක දිගු ගමනක් යමින් බොහෝ සහෝදර සහෝදරියන් ගේ දියුණුව පතා හෙළ බස හා සංස්කෘතික උරුමය ඔවුන් හට දායාද කිරීමට බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසල් මවුනි ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි'
මගේ නම සදුනි හේවා කටුපොතගේ' 2003 වසරේ සිට 2012 වසර දක්වා බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලට ගියෙමි' මම බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලෙන් ලාංකීය සංස්කෘතිය" බුදු දහම සහ සිංහල භාෂාව ඉගෙන ගත්තෙමි'
තවද සෑම ඉරුදිනකම මම පුරුද්දක් වශයෙන් මල් වට්ටියක් බුදුන් වහන්සේට පූජා කිරීම පිණිස රැගෙන ගියෙමි' එහි ගෞරවය හිමිවිය යුත්තේ මාගේ දෙමාපියන්ටයි' අවුරුදු 18 ක සිට මගේ අයියා" මම සහ දැනට මගේ නංගිත් පාසලට රැගෙන යයි'
මම සෑම දිනකම දේ සහ රාත්‍රී නින්ද යෑමට පෙර පුරුද්දක් ලෙස අම්මටත් තාත්තාටත් වඳිමි' මේ සියලු දේවල් ඉගෙන ගනු ලැබුවේ මගේ දෙමාපියන්ගෙන් සහ බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලෙනි'
තවද මට සිංහල කියවන්න" ලියන්න සහ ඉතා හොඳින් සිංහල කතා කරන්න හැකියාව ඇත' මෙහි ගෞරවය හිමි විය යුත්තේ බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලේ ගුරු මහත්ම මහත්මීන් හටය'
අපගේ අපේ සිංහල භාෂා පාසලට දීප්තිමත් අනාගතයක් උදාවේවායි ප්‍රාර්ථනා කරමි'
wdÈ YsIHd
මගේ නම දිලිනි හිමාෂා තිලකරත්න' 2000 වසරේදී මම සිංහල පාසලට ඇතුළත් වුණා' 2010 වසර දක්වා සිංහල පාසලේ ඉගෙනීම කළා' එම කාලය තුළ සිංහල භාෂාව කථා කිරීමට" ලිවීමට හා කියවීමට ඉතා හොඳින් පුරුදු පුහුණු වුණා' මම ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් අප දෙමාපියන්ගේ සංස්කෘතිය" සිරිත් විරිත්" ගුණධර්ම" බුද්ධාගම ඇතුළු ලංකාවට ආවේණික හොඳ සිරිත් විරිත් බොහෝ ප්‍රමාණයක් ඉගෙන ගත්තා' එහි ගෞරවය පළමුකොට සිංහල භාෂා පාසලේ සියලුම ගුරුභවතුන්ටත් එසේම එයට ද දායක වූ සියලු දෙමාපියන්ටත් පුද කර සිටිමි'
අප මේ රටේ සංස්කෘතිය තුළ ජීවත් වන විට අපිට දැකීමට ඉගෙනීමට අත්දැකීම් ලැබුණේ මෙරටට දායාද වූ සංස්කෘතියකට වුවත් සිංහල භාෂා පාසලට පැමිණීම තුළින් ශ්‍රී ලාංකික සංස්කෘතියට අයත් විශාල අත්දැකීම් සමූහයක් ලැබීමට හැකි වුණා' කුඩා කාලයේ දී මේ දේවල් වල වටිනාකම අපට නොදැනුනත් අද දවසේ එහි වටිනාකම හොඳින් වැටහෙනවා' විශේෂයෙන් නිවාඩුවට ශ්‍රී ලංකාවට යන අවස්ථාවකදී කිසිම චකිතයකින් තොරව එහි සමාජය සමග ගනුදෙනු කිරීමට ආත්ම විශ්වාසයක් ලැබී තිබෙනවා' එසේම පාසලේ පවත්වන විවිධ ප්රසංගවලින් අපේ කුසලතා ඔප්නංවා ගැනීමට පිටුවහලක් වුණා'
මම ඉතාමත් සතුටින් බාලාංශ පන්තියේ සිට දහවන වසර දක්වා සිංහල භාෂාව ඉගෙන ගත්තා' විසි පස් වසරක් සමරන මේ මොහොතේ සිංහල භාෂා පාසල වෙනුවෙන් ඇප කැපවන වන සියලුම ගුරුභවතුන්ට දෙමාපියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා" අපේ සංස්කෘතික වටිනාකම් අපට දායාද කරන්න ඒ අය දරන අමිල සේවාව වෙනුවෙන්'
මගේ නම ඔසුදිනි ගජමන්" මා බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලට ඇතුළත් වූයේ 2002 වසරේදීය' මා බාලාංශ පංතියට ඇතුළත් වූ දින ශාන්තා ගුරු මෑණියන්ගේ දෙපා නැමදු වූ විට මා අතින් අල්ලා සෙනෙහසින් එන්න දුවේ කියා මා පන්තියේ වාඩි කර වූ හැටිත් පලවෙනි වතාවට පේළියෙන් පේළිය වචන ගැට ගසමින් වචන අහුලන්නට මට දිරි දුන් දර්ශනී ගුරු මෑනියනි ඔබේ සෙනෙහස මට අමතක නොවේ'
එතැන් පටන් මා වසරෙන් වසර පන්තියෙන් පන්තිය මා පසු කරනා විට මට සිංහල හෝඩි පොතේ සිට පරතෙරට මගේ භාෂාව සහ සංස්කෘතිය ඉගෙනීමට අතහිත දුන් මගේ සියළුම ගුරු මහත්ම මහත්මීන්ට මගේ දෙයත් මුදුන් තබා පුද නමස්කාර කරමි'
මා ඕස්ට්‍රේලියාවේ හැදී වැඩී මෙලෙස මාගේ භාෂාව හා සංස්කෘතිය සිප් සතර ලෙස ඉගෙනීමට පුළුවන් වීම ගැන මමත් මගේ සොයුරියනුත් ලද භාග්‍යයක් කොට සලකමු' ඒ කෙසේද යත් මා ඇතුළු මගේ සොයුරියනුත් ලංකාවේ සිටින අපේ ආච්චිලා සීයලා ඇතුළු නෑදෑයන් හිතමිතුරන් සමග අපේ බස ඉතා පහසුවෙන් හසුරුවන්නට සහ ඔවුන් සමග ලිපි ලිවීමටත් මෙන්ම මා වැඩිදුර අධ්‍යාපනය සඳහා ලංකාවේ පුහුණුවට ගිය විට සිංහල බස හැසිරවීමටත් අප බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලේ ලද දැනුම මට ඉවහල් විය' එපමණක් නොව මා හට මගේ භාෂාව සංස්කෘතිය මෙරට වැසියන් අතරේ හදුන්වා දීමටත් ඉමහත් රුකුලක් විය'
මා 2011 වසරේ දී අධ්‍යාපනය නිමකර සිංහල භාෂා පාසලෙන් නික්ම ගියත් පාසල් මෑණියනි අදටත් ඔබ පියසේ රැදී රැඳී ඔබට අත හිත දෙන්නේ ඔබෙන් ලද මහඟු දායාදයට ප්‍රණාමය පිණිසයි'
පසුගිය දශකයටත් එහා මා බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලට පිය නැගූ කාලය පිළිබඳ මතකය අවදි කරද්දී මගේ මතකයේ වඩාත් පැහැදිලිව සටහන් වන්නේ පාසල සමඟ ගොඩනැගී තිබූ අගනා සමාජ ක්‍රියාකාරකම් හා චාරිත්‍ර වාරිත්‍රයි' ඕස්ට්‍රේලියාවට පැමිණි මුල් පළමු දවසේ සිට VCE විභාගය සමත්වන තුරාවටම පාසලේ භාෂා වැඩසටහනින් මා ගොඩනගා ගත් දැනුම් සම්භාරය හා ජීවන කුසලතාව අදටත් මගේ ජීවන රටාවේ පරිපූර්ණ අංග බවට පත්ව තිබේ'
සතිපතා පැවති බෞද්ධ භාවනා වැඩසටහන මගේ ආගමික දැනුම මෙන්ම මාජ ප්‍රතිපත්ති කෙරෙහි තිබූ ස්වයං අවබෝධය වඩාත් වැඩි දියුණු වන්නට මුල පිරිණි' වාර්ෂික විවිධ ප්‍රසංගය සමාජ සමිති සංවිධානය හා විවිධාකාර සාම්ප්‍රදායික උත්සව තුළින් බිහිවූ සුන්දර මතකයන් තවමත් මා මතකයේ රැඳී ඇත' එවන් උත්සව හා කර්තව්‍යයන් මාගේ ආත්ම ශක්තිය සේම සමාජ ප්රවේශයන් පිළිබඳ තිබූ චකිතයක් පහ කිරීමට මුල පිරුනා පමණක් නොව මාගේ සන්නිවේදන හා කණ්ඩායම් කුසලතා වර්ධනය කර ගැනීමට මනා පන්නරයක් ලබා දෙන්නට යෙදුනි' මගේ දිවියට ඇතුළත් මේ වටිනා ගුණාංග මගේ අධ්‍යාපනයටත් වෘත්තීය හා සමාජසේවා ප්‍රවේශයටත් බෙහෙවින් රුකුල් විය'
මාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ගමනයෙන් පළමු සන්ධිස්ථානය වූ Bachelor of Chemical Engineering and Management (Hond) සහ ඉන් අනතුරුව ප්‍රශ්චාත් උපාධිය ලෙස Master of Engineering Project Management අත්පත් කරගන්නට යෙදුණේ මෙල්බර්න් විශ්වවිද්‍යාලය තුළිනි' මා දැනට RMIT විශ්ව විද්‍යාලය (RMIT University) හිදී මාගේ ගෞරව උපාධිය (PHD Thesis) සම්පූර්ණ කිරීමට යෙදී සිටින සේම එකී විශ්ව විද්‍යාලයන්හි කථිකාචාර්යවරියක් ලෙසත් කටයුතු කරන්නට මා හට භාග්‍යය ලැබී තිබේ' එවන් තනතුරු වලට නිතිපතා අවශ්‍ය ප්‍රායෝගික කුසලතා රැසක් ප්‍රගුණ කිරීමට මට තෝතැන්නක් වූයේ බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසලයි' සිංහල බසට අමතරව හෙළ උරුමය හා සමාජ වටිනාකම් පිළිබඳව මනා අවබෝධයක් මට හිමි වන්නට සිංහල භාෂා පාසල බොහෝසේ උරදුනි'
බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසල වෙනුවෙන් අතීතයේ මෙන්ම වර්තමානයේ වෙහෙස මහන්සි වන ගුරු දෙමාපියන් හා සංවිධායක මඩුල්ලට මාගේ හෘදයාංගම ස්තුතිය හා කෘතවේදීත්වය මෙසේ පුද කර සිටින අතර අප මේ සිංහල භාෂා පාසල තවත් චිරාත් කාලයක් මෙලෙසින් අපේ දූ දරුවන්ට හමග පෙන්වීමට අවශ්‍ය සියලු කර්තව්‍යයන් ඉෂ්ට කර ගැනීමට සැමට ශක්තිය ධෛර්යය හා වාසනාව උදාවේවායි æ මම ප්‍රාර්ථනා කර සිටිමි'
බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසල
1994 - 2002